ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලබාදීමට පියවර 

ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලබාදීමට පියවර 
  • SocialShare:

ගොවියාට වී සඳහා සාධාරණ මිලක් ලබාදීමට පියවර ගනිමින් සිටින බවත්  ඒ අනුව වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වූ අවස්ථවේ දී ම වී සඳහා සහතික මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වසයි.

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම අවස්ථාවේ දී ගොවියාට පාඩුවෙක් සිදු නොවී වී ලබා දීමට හැකි වන බවයි.

 මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා,

"ගොවියාට මේ වෙලාවේ තියෙන වාසිය රජයට ලබා දෙන එක නෙමෙයි දැනට එදිනෙදා වෙළෙඳාම සඳහා වී මිලදී ගන්නා එක සහල් කරලා වෙළෙඳපොළට නිකුත් කරන අයට වී දෙන එක තමයි ගොවියාට මේ වෙලාවේ වාසි.

හැබැයි මහා පරිමාණෙන් මෝල් හිමියන් වී මිල දී ගත්තාට පස්සේ ඒකට මුහුණ දෙන්න රජයට ස්ටොක් එකක් තියෙන්න ඕනේ. අපි රජය මැදිහත් වෙලා වී ගබඩා අලුත්වැඩියා කරන්නෙත්, වී මිලදී ගැනීම සඳහා රජය යම් මුදලක් වෙන් කරලා තියෙන්නෙත්, මේ සමස්ත වී ප්‍රමාණය රජය මිලදී  ගැනීමට නෙමෙයි. ඒක රජයට කරන්නත් බෑ සහ කළ යුතු නෑ. අපේ රටේ වී වෙළෙඳපොළත් එක්ක ඉන්න සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රාශියකුත් ඉන්නවා. මේ සමඟ ජිවත් වන විශාල ප්‍රමාණයක් ඉන්නවා” යනුවෙනි.

ගොවියාට සහ පාරිභෝගිකයාට දෙදෙනාටම සහන සැලසෙන ලෙස රජය මැදිහත් වීමක් කර මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තබා ගැනීම රජයට අවශ්‍ය කරන බවත්, රජයේ මැදිහත්වීමෙන් ගොවියාට හා පාරිභෝගිකයාට යන දෙදෙනාටම අසාධාරණයක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය. 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.