රුහුණ විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී මෙම මස 10, 11 සහ 12 යන දිනයන්හි පැවැත්වේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නායක ස්වාමින්වහන්සේ, උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත මහතා හා වැ.බ. ලේඛකාධිකාරී චන්ද්‍රිකා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී 3129 ක් මෙදින උපාධිය ලබා ගැනීමට නියමිතය.
එහිදී පශ්චාත් උපාධි 166 ක් ද, අභ්‍යන්තර උපාධි 2812 ක් ද, බාහිර උපාධි 149 ක් සහ සම්මාන උපාධි 2 ක් ද පිරිනැමේ. මෙදින උපාධිධාරීන් 96 කු සදහා අධ්‍යයන ඉහළම කුසලතා මත පිරිනැමෙන රන් සම්මාන හිමි වනු ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨාධිපතිවරුන්, ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සදහා සහභාගීවීමට නියමිතය.


