කොළඹ සිට චීනයේ ෂැංහයි වෙත ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියකු සතුව තිබු රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් කොතලහිඹුටු කිලෝ 25 ක් ඊයේ (21) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට අනුයුක්ත රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ රාජකාරියේ නියුතුව සිටි රේගු නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී එම ගුවන් මගියා ගමන් මලු තුල තේ අඩංගු පැකට් ලෙස සූක්ෂමව මෙම කොතලහිඹුටු තොගය සඟවා තිබූණි.
රේගු නිලධාරීන් මෙම තොගය රාජ සන්තක කර ඇති අතර ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන අනුව මෙම විශේෂ ආරක්ෂිත ප්‍රභේදයක් වන කොතලහිඹුටු මෙලෙස අපනයනය කිරීම නීති විරෝධී වන අතර මෙය රේගු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමකි.
බලපත්‍ර නොමැතිව සිදු කරන මෙවැනි අපනයනයන් නීති විරෝධී වනජීවී ජාවාරමක් වන අතර ජාත්‍යන්තර සම්මුතීන් වලට පටහැනි වේ.


