2026 දී ද පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක්

2026 දී ද පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක්
  • SocialShare:

පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබාදීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වහයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය ලබාගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6000ක දීමනාවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමටත් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන එහෙත් දීමනාව හිමි විය යුතු දිවයින පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි හා පැවිදි සිසුන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6000ක දීමනාවක් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය හරහා ගෙවීමටත් 2025 වර්ෂය තුළදී පියවර ගෙන ඇත.

එම වැඩසටහන 2026 වර්ෂය තුළද ක්‍රියාත්මක කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.