උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවයි

උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවයි
  • SocialShare:

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගත අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, සුදුසුකම් සපුරා ඇති ගුරුවරුන් සහ අදාළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට https://onlineexams.gov.lk/eic මාර්ගගත පද්ධතිය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැක.

අයදුම්පත් භාරගැනීම මෙම මස 22 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.