Youth Link Sri Lanka දෙවන අදියර අද(11) ගම්පහ නගරයෙන් ඇරඹේ

Youth Link Sri Lanka දෙවන අදියර අද(11) ගම්පහ නගරයෙන් ඇරඹේ
  • SocialShare:

Youth Link Sri Lanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද (11) පස්වරු 3.00ට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගරයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙවර වැඩසටහනේ සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරන අතර, සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය තෝරාගෙන ඇත. ඒ අනුව එම දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ විවිධ හුවමාරු වැඩසටහන්වලට එක්වීමට නියමිතය.

වැඩසටහනේ පළමු අදියර පසුගිය මාර්තු 5 වැනිදා මඩකලපුවේදී ආරම්භ වූ අතර, ඒ යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැඩසටහන් 20ක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාව සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් සහ තරුණ හුවමාරු වැඩසටහනට එක්වන තරුණ තරුණියන් රැසක් සහභාගි වීමට නියමිතය.