අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්
  • SocialShare:

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ අඛණ්ඩ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීමට හැකිවන පරිදි ක්ෂේත්‍රෙය් විශේෂඥයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනූව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අදාළ අමාත්‍යවරුන්, ක්ෂේත්‍රයේ විශේෂඥයින්, නිලධාරීන්, වෘත්තිකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සමන්විතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

2019 වර්ෂයේ ඇරඹි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වතුමන් රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වන අයුරින් 2026 වර්ෂයේ 1 ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.