ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අද (11) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන යමින් , යහපත් ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. වගකීම් සහගත ජනමාධ්‍යකරණයක් සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


