ශ්රී ලංකාවේ පළමුවරට ආරම්භ කෙරෙන AI Powered සංචාරක හෝටල් ව්යාපෘතිය ලෙස නම් කර ඇති Grand Serendib Colombo ව්යාපෘතිය ඊයේ(10) ආරම්භ විය.
කෘත්රීම බුද්ධිය අන්තර්ග්රහණය කරගනිමින් ආරම්භ කෙරෙන මෙම නව ව්යාපෘතිය ශ්රී ලංකාවේ ස්මාර්ට් ආගන්තු සංචාරක ක්ෂේත්රය දැවැන්ත පියවරකින් ඉදිරියට රැගෙන යනු ඇති බව මෙම අවස්ථාවට එක් වූ විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පැවසීය.
කොළඹ ෂැංග්රීලා හෝටලයේ ඊයේ රාත්රියේ පැවැති මෙම උත්සවයේ දී ABEC ආයතනයේ 20 වන සංවත්සරය ද සමරනු ලැබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, දෙස් විදෙස් විශ්වවිද්යාල නියෝජනය කරමින් ආචාර්ය මහාචාර්යවරු, රාජතාන්ත්රිකයින් ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වූහ.


