කඳුකර මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් 2000ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(12)පෙරවරු 10.00ට බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.
කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවෙස්ලබා දීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
වතු සේවකයකු වීම (ලියාපදිංචි/විශ්‍රාමික/අනියම් කම්කරු), වසර 05ක නිවැරැදි වතු පදිංචිය, වතු සේවක සමුපකාර නිවාස සමිතියේ සාමාජිකත්වය, කලින් නිවාස අාධාර ලබා නොමැතිවීම, මේ වනවිට පදිංචිව සිටින්නේ ලයින් කාමරයක හෝ තාවකාලික නිෙවසක වීම සහ එමෙන්ම දැනට පදිංචි ස්ථානයේ ආපදා බලපෑම් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙම නිවාස ලබාදීම සිදු කෙර්.
මෙම 4වන අදියර යටතේ දිස්ත්‍රික්ක 09ක ප්‍රතිලාභින් 2056ක් තෝරා ගෙන ඇති අතර ඉන්දියානු අධාර යටතේ නිවස ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබා දී ඇති බවත්, ඉදිකල නිවාස සඳහා යටිතල පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මෙවර පර්චස් 10 ක් සඳහා හිිමිකම් පත්‍රය ලබා දෙන අතර පසුගිය රජයේ හිමිකම ලැබූ ප්‍රතිලාභීන්ට ඉඩමට අවශ්‍ය ඔප්පුව සංකේතාත්මකව ලබා දීම සිදු කෙරෙන බව හෙතෙම පැවසීය.
එළබෙන වසරේදී මෙම ව්‍යාපෘතියේ මී ළඟ අදියර ක්‍රියාත්මක කරන බවත්, ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කරන බවත් වතුකරයේ ජීවත්වන සියලුම ජනතාවට ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


