අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත. එලෙස දිවුරුම් දුන් අමාත්‍යවරු මෙසේය.
කැබිනට් අමාත්‍යවරුන්
01 බිමල් නිරෝෂන් රත්නායක මහතා - ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
02. අනුර කරුණාතිලක මහතා - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
03.වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා - නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන්
1.ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා - මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
2.ටී.බී.සරත් මහතා - නිවාස , ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
3.එම්.එම්.මොහොමඩ් මුනීර් මහතා - ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
4.එරංග ගුණසේකර මහතා - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
5.වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
6. අරවින්ද සෙනරත් විතාරණ මහතා - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
7.එච්.එම්.දිනිදු සමන් කුමාර මහතා - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
8.යූ.ඩී.නිශාන්ත ජයවීර මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
9.ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
10.එම්.අයි.එම්.අර්කම් මහතා - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය


