වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය අදයි
  • SocialShare:

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.

බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත් පොහොය දිනයක් ලෙස වප් පුර පසළොස්වක පොහොය සැලකේ.

වස්සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දියේදී ය.

ශාසන ඉතිහාසයට අනුව සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම,කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහිපැවිදි වීම,අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනයකය.