පුත්තලම ලුණු අස්වැන්න නෙළීම ඇරඹේ.. මෙවර ලුණු අස්වැන්නේ වාර්තාගත ඉහළ යෑමක්

පුත්තලම ලුණු අස්වැන්න නෙළීම ඇරඹේ.. මෙවර ලුණු අස්වැන්නේ වාර්තාගත ඉහළ යෑමක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සියයට හැටකට(60%) ආසන්න දායකත්වයක් සපයයි. මෙරට සමස්ත ලුණු  අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් එක් ලක්ෂ අසූදහසකට ආසන්න වෙයි. එය ආහාර හා අනෙකුත් නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රමාණයයි.

ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මාස හතක පමණ කාලයක් ගතවේ.මෙවර ලුණු නිෂ්පාදනය සඳහා පවතින හිතකර වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාර්තාගත ලුණු අස්වැන්නක් ලබා ගැනීමට හැකිව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති. ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියලි කාලගුණික තත්ත්වයක් පැවතුණහොත් රටේ ලුණු  අවශ්‍යතාවයෙන් බහුතරයක දායකත්වය පුත්තලම දිස්ත්‍රික්කයෙන්  ලබා දිය හැකි බව ඔවුන්  ප්‍රකාශ කරයි.