පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (19) පෙරවරු 10 සිට හෙට (20) පෙරවරු 10 දක්වා දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවිමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ හොරණ , කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍ර දේශවලට මෙලෙස විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ නිවේදනයක් නිකුත් කර තිබේ.


