සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නවදිල්ලි හි පිටිහි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ නිරීක්ෂණයක නිරත වේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නවදිල්ලි හි පිටිහි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ නිරීක්ෂණයක නිරත වේ
  • SocialShare:

ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටළු පිළිබඳව ද සිදු කෙරෙන  පර්යේෂණ වල දී සහයෝගයෙන් ක්‍රියා කිරීමට සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 අගෝස්තු 26 සිට 30 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම නිල සංචාරය අතර තුර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයේපර්යේෂණ ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගෙන ඇති ඉන්දියාව පුරා පිහිටි මහජන වෛද්‍ය පර්යේෂණවිශ්ව විද්‍යාල සහ රෝහල් සමූහයකින් යුක්ත සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (All India Institute Of Medical Sciences - AIIMS) නිරික්ෂණයකට එක්විය.

ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය M Srinivas මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  මෙහිදී සුහඳව පිළිගන්නා ලදි.

අනතුරුව වෛද්‍ය විද්‍යා ආයතනයේ සේවා කටයුතු පිළිබඳවත්,  වෛද්‍ය සහ ශල්‍ය ප්‍රතිකාරවිශේෂිත රෝගී සත්කාර සහ සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළු පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් සැපයීම මෙන්ම සමස්ත ඉන්දියාව පුරා වන ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

ඖෂධ නිෂ්පාදනයසෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් සම්බන්ධව ද  පර්යේෂණ මෙම ආයතනය තුළින් සිදු කෙරන අතර මෙරට සහ ඉන්දියාවේ පවතින ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටළු පිළිබඳව ද පර්යේෂණ වලදී සහයෝගයෙන් ක්‍රියා කිරිමට ද මෙහි දී සාකච්ඡා විය.

සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය යනු ඉන්දියාවේ 1956 AIIMS පනත මගින් පාලනය වන ඉන්දියාව පුරා පිහිටි මහජන වෛද්‍ය පර්යේෂණවිශ්ව විද්‍යාල සහ රෝහල් සමූහයකි. මෙම ආයතන සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වන අතරඋපාධි හා පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපනයහෙදපරිපූරක වෛද්‍ය පුහුණුව සහ සෞඛ්‍ය සේවා සපයනු ලබයි. පළමු සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය 1956 දී නවදිල්ලි නුවර දී ආරම්භ කර ඇති අතරමේ වන විට ඉන්දියාව පුරා ආයතන 26 කින් යුක්ත වේ.