වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එසේම මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙ කාලගුණ විද්සයා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්ව ඉල්ලා සිටී.


