ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන අද(13)පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දී පැවැත් වේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ මෙම වසරේදී ඉඩම් සඳහා හිමිකම බලපත්‍ර හා ඔප්පු 50000 ක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
මෙම වැඩසටහන මෙම වසරට පමණක් සීමා නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. කඩිනමින් තමන් පදිංචි ඉඩමට , තමන් වගා කළ ඉඩමට , ව්‍යාපාර පවත්වන ඉඩමට හා ආයෝජන පවත්වන ඉඩමට හිමිකම ලබා දීමට සෑම වසරකදීම කටයුතු කරනබව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


