විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට

විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට
  • SocialShare:

මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කාර්‍යංශයේ අංශ සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත ගෙන ඒමෙ සමාරම්භක උත්සවය අද දින පැවැත්විණි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අංශ 11ක්  නව සේවා ස්ථානයේ ස්ථාපිත කරන ලදී.

විගමණික ප්‍රජාවට වඩාත් පහසු සේවාවක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම සේවා ස්ථානයෙහි
අංශ,  ප්‍රධාන කාර්යාලයට ඉතා  ආසන්න ස්ථානයකට ගෙන ඒමට කටයුතු කෙරිණි.  එමගින්  නව ස්ථානයෙන් සේවා ලබා ගැනිමේ දි විගමනික ප්‍රජාවට ප්‍රධාන කාර්යාලය හා ඉක්මනින්  සම්බන්ධ විමට හැකි වීම ද  විශේෂිත වේ.
ඒ අනුව, එම අංශ ප්‍රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ (සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ) ස්ථාපිත කරන ලදී.
එලෙස ස්ථාපිත කරන ලද අංශ වනුයේ,

  1. සුභසාධන අංශය
  2. ප්‍රත්‍යානුකලන අංශය
  3. විදේශ සබඳතා II අංශය
  4. ව්‍යාපාර ගැටළු නිරාකරණය කිරිමේ ඒකකය
  5. ආයතනික හා කර්මාන්ත පුහුණු අංශය
  6. පර්යේෂණ අංශය
  7. අලෙවිකරණ අංශය
  8. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන)
  9. ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සමාජ සංවර්ධන)
  10. IM Japan ඒකකය

ඒ අනුව 2025.08.01 දින සිට ඉහත අංශවල සේවාවන් නව ස්ථානයේ සිට ලබාගැනීමට විගමණික ප්‍රජාවට අවස්ථාව හිමිවේ.