2026 වසරේ ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට- දකුණු ආසියාවෙන් දෙවැනි තැනට

2026 වසරේ ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට- දකුණු ආසියාවෙන් දෙවැනි තැනට
  • SocialShare:

2026 ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ දෙවැනි වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබේ.

මෙවර දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ ඇති අතර, සමස්ත ශ්‍රේණිගත කිරීම් අතර 67 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කෙරේ.