ඉන්දීය ජනරජ ඉතිහාසයේ ඡන්දයෙන් තේරී පත්ව වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ සේවය කළ නායකයා බවට පත්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.
සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සහයෝගීතාව ඉතා අගය කරන බවත්, දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.


