මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට යන බැතිමතුන්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසීය. අද(01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
බැතිමතුන් ප්‍රවාහනය සඳහා බස්රථ 439ක්, නර්තන ශිල්පීන් ඇතුලු පිරිස් ප්‍රවාහනය සඳහා බස්රථ 40ක් සහ , විශේෂ දුම්රිය 07ක් යොදවා ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දෛනික ගමනාගමන කටයුතු අඩාල නොවන පරිදි මෙම ප්‍රවාහන සැලැස්ම සකස්කර ඇතැයිද ඒ මහතා පැවසීය. පෙරහැරට සහභාගීවන නැට්ටුවන් ඇතුළු නර්තන ශිල්පීන් නැවත ගම්බිම් බලා පිටත්කිරිම සඳහාද විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබේ.
මේ වෙනුවෙන් ඇතැම් ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත්, ඔවුන්ට ඒ සඳහා විශේෂ දීමනාවක් ලබා දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


