වයඹ පළාතේ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව කටයුතු කරන බවත් වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ වයඹ පළාතේ සංචරක හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
සංචාරක ගමනාන්ත හඳුනාගනිමින් ඒ සඳහා තිරසර මූලධර්ම යොදාගනිමින් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුලු විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ සඳහා වන සැළසුම් මේ වනවිටත් සකස් කර අවසන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතා පැවසුවේ, පෙිාහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ රජය , පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරගනිමින් වයඹ පළාතේ සංචරක හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භකළ බවයි.
එසේම වයඹ පළාතේ පැරණි රාජධානී, කල්පිටිය වෙරළ තීරය, ජූජනීය ස්ථාන සහ ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථාන රැසක් ඇති බවත් එම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සංචාරක සහ සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
වයඹ සංවර්ධන අධිකාරිය , පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් මෙම කටයුතු සැලසුම් කර තිබේ.
පුද්ගලික අංශයට සහ ප්‍රදේශයේ ජනතාවට වැඩි වශයෙන් මෙහි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් මෙම කටයුතු සංවිධානය කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත්පැවසීය.


