ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානය වන මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ "Clean Manning" වැඩසටහන අද පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වර්තමානයේ පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම අලෙවි මධ්‍යස්ථානය, වෙළෙඳ මහතුන් හට තම අලෙවි කටයුතු කරගෙන යාම සඳහා සුදුසු පාරිසරික සුවපහසුවකින් යුක්ත නොවන බව පෙනේ.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෙන එනු ලබන එළවළු සහ පලතුරු විකිණීම හා මිලදී ගැනීම සඳහා විශාල වෙළෙඳ මහතුන් සංඛ්‍යාවක් සහ පාරිභෝගික ජනතාවක් දිනපතා පැමිණෙන මෙම මධ්‍යස්ථානයේ පිරිසිදුභාවය මෙන්ම ජනතාවට ඇති සුවපහසුභාවය පිළිබඳව ද ගැටලු පවතින බව හඳුනාගෙන ඇත.
ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ "Clean Manning" වැඩසටහන සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා, මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපතිතුමා, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වෙළෙඳ මහතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


