කලාකරුවන්ගේ නිර්මාණශීලී හෙට දවස වෙනුවෙන් කලාකරු නිකේතනයක්

කලාකරුවන්ගේ නිර්මාණශීලී හෙට දවස වෙනුවෙන් කලාකරු නිකේතනයක්
  • SocialShare:

මෙරට කලාකරුවන්ගේ නිර්මාණකරණයට, විවේකී සන්නිවේදනයට මෙන්ම සහෝදර කලාකරුවන් සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා නව ඉඩ ප්‍රස්ථාවන් සලසා දෙමින් මාදිවෙල ප්‍රදේශයේ අලුතෙන් ඉදිකිරීමට නියමිත "කලාකරු නිකේතනය" පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පසුගියදා (12) සහභාගී විය.

මාදිවෙල ප්‍රදේශයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ මෙම කලාකරු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි ප්‍රධානතම අරමුණක් වන්නේ දුර පළාත්වල සිට කලා කටයුතු වෙනුවෙන් කොළඹට පැමිණෙන කලාකරුවන්ට ගුණාත්මක නවාතැන් පහසුකම් සපයා දීමයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා, ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ මහතා, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා,

සාහිත්‍යවේදී කෞශල්‍ය කුමාරසිංහ මහතා ඇතුළු කලාකරුවෝ රැසක්ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන්:අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන හා විදේශ) ධම්මිකා විජේසිංහ මහත්මිය, අධ්‍යක්ෂ (සංස්කෘතික ප්‍රවර්ධන) ආචාර්ය ප්‍රසාද් රණසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද සම්බන්ධ වූහ.