කාලීන පුවත්
Hits: 16
රු. මිලියන 1340ක වියදමින් කළුතර මාර්ග සංවර්ධනය ඇරඹේ
කාලීන පුවත්
Hits: 16
කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ වැඩසටහන අද (13) ආරම්භ වූ අතර, මේ වසර තුළ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 550ක් සහ පාලම් හා බෝක්කු සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad) යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2026 වසරේ රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1350ක් යොදවා ඇති අතර, ලබන වසරේ එය රුපියල් බිලියන 2000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම, කාණු හා බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම සහ මාර්ග නඩත්තු කටයුතුද සිදු කෙරේ.