කිමිදුම් කටයුතුවල නිරත ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණයක්

කිමිදුම් කටයුතුවල නිරත ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණයක්
  • SocialShare:

ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතුවල නිරතවන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණාවරයක් හඳුන්වා දී ඇතැයි, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මේවන විට කෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂිකාර්මික වගාවන් හා කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර සඳහා විවිධ රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර , ධීවර ජනතාව වෙනුවෙන් සුවිශේෂි වූ මෙම රක්ෂණ යෝජනා ක්‍රමය කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය හදුන්වා දුන් නවතම රක්ෂණ යෝජනා ක්‍රමය වේ.

මෙම හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය , තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලිම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව සඳහා හඳුන්වා දී ඇත.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් ,අයහපත් කාලගුණික/දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන, ඔීනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අකර්මණ්‍ය වීම්වලදි මෙම රක්ෂණාවරණය  ලබා දීම සිදුකරනු ලැබේ.

තවද , මෙමගින් ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවක කදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණය හෝ වෙනතු අකර්මණ්‍යතාවන් සඳහා ද ප්‍රතිලාභ සැළසේ .රු. 2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12 ක වන්දි මුදලක්  හිමිවේ