දේශීය අල ගොවීන්ගේ ගැටලු පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානයට

දේශීය අල ගොවීන්ගේ ගැටලු පිළිබඳ කෘෂිකර්ම  අමාත්‍යවරයාගේ අවධානයට
  • SocialShare:

දේශීය අල ගොවියා මුහුණ දී ඇති ගැටලුවලට පිළියම් සොයමින්, අල ගොවියා ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත  මහතා පැවසීය.

දේශීය අල ගොවීන්  පිරිසක්  සමග  ඊයේ(30) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

දේශීය අල ගොවියා මුහුණ දී ඇති ප්‍රධානම ගැටලුව ලෙස ආනයනික අල  සඳහා තිබෙන මිල ඉතාම පහල මට්ටමක පැවතීමත්, ගුණාත්මක බවින් ඉහල දේශීය අල සාධාරණ මිලට වෙලද පොලට නිකුත් වුවත් ආනයනික අල හේතුවෙන් දේශීය අර්තාපල් සදහා පාරිභෝගික මිලදී ගැනීම් අවම වීම යන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.