මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පා ගමනක්

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී  පා ගමනක්
  • SocialShare:

අදට යෙදී තිබෙන මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීතිවිරෝධී ප‍්‍රවාහනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පාගමනක් අද(26) පෙරවරුවේ  කොළඹ  නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මෙහිදී උත්සව සභාව ආමන්ත‍්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප‍්‍රකාශ කොට සිටියේ මත්ද්‍රව්‍යවලට එරෙහි තවත් එක් දිනයක් බවට මෙම දිනය පත් නොකරන බවත්, මත්ද්‍රව්‍යවලට එරෙහිව අඛණ්ඩ වැඩ පිලිවෙලක් ක‍්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් මේ වන විට විවිධ අංශ ඔස්සේ වැඩ කටයුතු සිදු කරමින් පවතින බවත් ය.

කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී ආරම්භ වූ මෙම වැඩසටහන විවිත‍්‍රවත් පාගමනකින් අවසන් වූු අතර මෙම අවස්ථාව විචිත‍්‍රවත් කිරීම සදහා පාසල් තූර්ය වාදක කණ්ඩායම් මෙන්ම, විවිධ සංවිධාන හා මහජනතාව විශල ප‍්‍රමාණයක් සම්බන්ධ වූහ.

මෙම අවස්ථාව සදහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේඛම් රවී සෙනෙවිරත්න මහතාත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාත් ඇතුලූ රජයේ නිළධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.