මේ දිනවල මෙරට වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති වායු දූෂණය , ශ්වසන පද්ධතියේ රෝග, හදවත් රෝග, මොලයේ රෝග වැනි දීර්ඝකාලීන රෝග රැසකට හේතුවන බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බෝ නොවන රෝගයකින් මියයාමට ඇති දෙවන ප්‍රධාන හේතුව වායු දූෂණය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
වායු දූෂණය යම් වෙලාවකට පමණක් බලපාන දෙයක් නොවන බවද , එනම් කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි එවෙලේ හටගන්නා තත්වයක් පමණක් නොවන බවද පෙන්වා දුන්නේය.
ආහාර පාන අවශ්‍ය විටෙක නොගෙන සිටීමට අවැසි වුවද අපට හුස්ම නොගෙන සිටිය නොහැකි යැයිද අවට වාතය එතරම් පිරිසිදු නැති අවස්ථාවක වුවද අපට හුස්ම නොගෙන සිටිය නොහැකි යැයිද සඳහන් කළේය. එම වායුගෝලයේ පවතින සංඝටක අපගේ පෙනහලු පද්ධතියට පමණක් නොව අපගේ ශරීර අවයවයන් බොහෝමයකට නරක බලපෑම් එල්ල කළ හැකි බවද සඳහන් කළේය.
වායුගෝලයේ අවට ඇති ඇතැම් සංඝටක වලින් මිනිසුන්ගේ ආයු කාලය සෑහෙන ප්‍රමාණයකට අඩු කළ හැකි බවට සොයාගෙන ඇතැයිද පැවසුවේය. දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ වාර්තා 70,000 කින් පමණ අවුරුද්දකට මිලියන 07ක් ජනතාව තමන් මියයාමට සුදුසු කාලයට පෙර වායුදූෂණය හේතුවෙන් මියයන බව තහවුරු වී ඇතැයිද පැවසුවේය.ඩ මෙය විශාල ප්‍රමාණයක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා නිවෙස් තුළ පවතින වායු දූෂණයද විවිධ රෝගාබාධ ඇතිවීමටත් ඇතිවී ඇති රෝගාබාධ වර්ධනයටත් ඒවා පාලනය දුර්වල වීමටත් හේතුවන බව සඳහන් කළේය.
ඇතැම් සංඝටක පෙනහලු තුළට ගියපසු පිළිකා ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බවද ඉන්දියාවේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරු පවසන පරිදි කලින් දුම් පානය කරන්නන්ගේ පෙනහලු ආශ්‍රිත පිළිකා තත්ත්වයන් වැඩි වශයෙන් නිරීක්ෂණය වුවද වර්තමානයේ දුම් නොබොන අය සහ ගැහැණු අයටද මෙවැනි රෝග තත්ත්වයන් වලට වායු දූෂණය හේතුවෙන් මුහුණපෑමට සිදුව ඇතැයිද අවධාරණය කළේය.
වායු දූෂණයේ පවතින ඇතැම් අංශු පෙනහලු වලට ගියපසු පෙනහලු ප්‍රදාහයන් ඇතිවී දීර්ඝකාලීන සංකූලතා ඇතිවන අතරම මෙම ඉතා සියුම් සංඝටක රුධිරයට යාමෙන් විශාල ගැටලු ඇතිවිය හැකි බවද ගර්භණී මවකගේ වැදැහැමහ හරහා ගොස් දරුවාගේ ජානවලට බලපෑම් කළ හැකි යැයිද මෙලෙස වායු දූෂණය ඊළඟ පරම්පරා වලටද බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවද සඳහන් කළේය.
මේ හේතුවෙන් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් මෙම වායුදූෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන බවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට යොමුවී ඇතැයිද පැවසුවේය.