"ඔබටත් මටත් හුස්මට ඉඩක්" යන තේමා පාඨය පෙරදැරිව ශ්වසන රෝග සම්බන්ධයේ වන ජාත්‍යන්තර සමුළුව, මෙරටදී පැවැත්වීමට නියමිත බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.
ඊයේ (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය
මෙරට ජනතාවගේ මෙන්ම සාක් කලාපයේ සහ අනෙකුත් රටවල ජනතාවගේ ශ්වසන රෝග පිළිබඳව සෞඛ්‍ය යාවත්කාලීන කිරීම හා වැඩිදියුණු කිරීම RESPIRE 2025 සමුළුවේ අපේක්ෂාව වේ. ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් 15 වන වතාවට මෙම සමුළුව සංවිධානය කරනු ලැබේ.
මෙම සමුළුවට රටවල් 08කින් ලොවම පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන් පැමිණෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ තුළින් ශ්‍රී ලංකාව අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත් එමගින් සංචාරක කර්මාන්තය සහ මෙරට දැනුම් පද්ධතිය වැඩිදියුණු කරගැනීමටත් බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.
රටක් ලෙස සෞඛ්‍ය පද්ධතියෙන් මෙරට ඉදිරියෙන් සිටියද ශ්වසන පද්ධතියේ රෝග සම්බන්ධයෙන් තවමත් යම් පසුබෑමක් ඇතැයි පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා ශ්වසන පද්ධතිය සම්බන්ධ දැනුම සහ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් යාවත්කාලීන කරගැනීමට සිදුව ඇතැයිද සඳහන් කළේය. එම දැනුම ශ්‍රී ලංකාව තුළට ලබාගෙන එම දැනුම තුළින් ජනතාවට සේවයක් කිරීම මෙම සමුළුවේ අපේක්ෂාව බවද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේය.