මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

2025 වර්ෂය වෙනුවෙන්‌ මුදල්‌ කොමිෂන්‌ සභාවේ  පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සහ එම නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍යතාවන් පිළිබඳවත්, පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව සඳහා වෙන් කර දීමේ මූලධර්ම පිළිබඳවත් නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත. ඒ අනුව, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මඟින් වෙන් කර දීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ(7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.