රට ඉඳි සඳහා තිබූ බදු අඩු කරයි

රට ඉඳි සඳහා තිබූ බදු අඩු කරයි
  • SocialShare:

උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් අඩු මිලට රට ඉඳි ගෙන්වීම සඳහා කැබිනට් තීන්දුවක් ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

 අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.