වත්මන් රජය, රජයක් ලෙස මාධ්‍ය නිදහස උපරිමයෙන් ආරක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රජයේ විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තොරතුරු ජනතාවට දැනුම්දීමට මාධ්‍යවේදීන්ට ඉහළම අවස්ථාව ලබාදෙන රජයක් බවත් මාධ්‍ය නිදහසට අත තැබීමට කිසිදු ආකාරයක සූදානමක් නොමැති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
භාෂණයේ ප්රකාශනයේ නිදහස ඉහළින්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන අතරම ප්රජාතන්ත්රවාදය ඉහළින්ම ආරක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
යම් යම් කූට අරමුණු සහිතව ඉතා අශිෂ්ට සම්පන්න ලෙස සහ ද්වේශ සහගතව යම් කෙනෙකු තම ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් මාධ්‍ය භාවිතා කරනවා නම් හෝ ඒ වෙනුවෙන් තම පුවත්පත් හෝ නාලිකා මෙහෙයවනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ජනතාව වෙනුවෙන් රජයට අයිතියක් ඇතැයිද අවධාරණය කළේය.
අංක එකටම මෙරට ජනතාව සහ ජනතාවගේ ආරක්ෂාව රජයට වැදගත් වන බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනතාවගේ සමගිය, රටේ භෞමික අඛණ්ඩතාවය, ඒකීයතාවය යන මේ සියල්ල ආරක්ෂා කරන බවද කවර හෝ අරමුණකින් පළ කරන අසත්‍ය විකෘති පුවත් කෙරෙහි නීතිමය කටයුතු කිරීමට සූදානම් බවද පැවසුවේය. රට හුස්ම ගැනීමට පටන්ගත් අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම රටට කරන ද්‍රෝහීකමක් බවද සඳහන් කළේය.