නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර නිල හමුවක්

නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර නිල හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා අතර නිල හමුවීමක් ඊයේ (02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

මෙම නිල හමුවීමේදී, ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය සුබ පැතුම් පිරිනැමිණි.
සමුද්‍රීය ආරක්‍ෂාව සහ ජාතික කර්තව්‍යන්හීදී නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවට ලක් විය.
නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක නියෝජ්‍ය ආමත්‍යවරයා හමු වූ මෙම ප්‍රථම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළණයක් ප්‍රදානය කිරීමද එහිදි සිදු කෙරිණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.