මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ඊයේ (01) නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රෝහලේ පවතින ගැටලු සහ අඩුපාඩු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ ඒ මහතා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුව දුක් විමසා බැලීය.
රෝහලේ පවත්නා අඩුපාඩු සහ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද අදාළ අංශ වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාත්, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි විය.