වකුගඩු රෝගී දීමනාව රු. 10,000/= දක්වා වැඩි කිරීමට යෝජනාවක්

වකුගඩු රෝගී දීමනාව රු. 10,000/= දක්වා වැඩි කිරීමට යෝජනාවක්
  • SocialShare:

වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසු කප්පාදු කරන බවට දන්වමින් පුවත්පත්වල පළ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

වකුගඩු රෝගීන්ගේ දීමනාව 7500/= සිට 10000/= දක්වා වැඩිකිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලින කිරීමක් මේ දිනවල සිදු කරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි කිරීමක් සිදු නොවන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244 සිටින බව වාර්තා වුව ද එම සංඛ්‍යා දත්තවල නිරවද්‍යතාව තහවුරු කර තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කෙරේ.