මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බවත්, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කරණු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හඳුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බව ද පැවසීය. එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 04 ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයිම පිළිබඳව වගකීම බාරගත ගත යුතු බව ද දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බවද පැවසීය. තවද, පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 05 තුළ ඉදිකිරිමට රජය සැලසුම් කර ඇති බවට ද සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු ප්‍රධාන නිලධාරීන් හමුවු පළමු අවස්ථාව මෙම සමුළුව විය. මෙම සමුළුවේ දි සෞඛ්‍ය ආයතනවල ගැටළු වලට විසදුම් ලබාදීමට අමතරව සෞඛ්‍ය සේවාව ගුණාත්මක පරිවර්ථනයකට යොමු කිරිමට අදාලව නව රජයේ ඉදිරි දැක්ම පිළිබදව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, රෝහල් අධ්යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, රෝහල් වෛද්‍ය අධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරිමට ආමාත්‍යවරයා කටයුතු කරනු ලැබීය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීම සදහා දැනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල තුල බාහිර රෝගී අංශයේ සහ සායනවල තිබෙන තදබදය ඉවත් කර ගමට සමීප තැනක් බවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පත් කිරිම සදහා අපෙක්ෂාවක් වන බැවින් ඉදිරි වසර 05 තුල ඒ සදහා ප්‍රමුඛතාවය ලබාදෙන බවද පැවසීය. ඉහත වැඩපිළිවෙලට අනුව සම්පත් ලබාදීමට පියවර ගනිමින් අවශ්‍ය තැනට මානව සහ භෞතික සම්පත් ලබාදීම පිළිබදව අවධානය යොමු කරන බව ද පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝගයට මුහුණදීමට ඇති එකම විසදුම මෙය වන බවද පෙන්වා දෙන ලදි.
සෑම අංශයකින්ම පුරවැසියා ශක්තිමත් කිරිම, බලගැන්වීම සහ පහසු ජිවිතයක් අත්පත්කර දීම නව රජයේ බලාපොරොත්තුව බව ද ඒ වෙනුවෙන් දුෂණයෙන් තොරව නායකත්වය ලබාදෙන බවත්, රාජ්‍ය සේවය සදහා ඇති චෝදනා ඉවත් කරගෙන කාර්යක්ෂමව, සැළසුම් සහගතව, කණ්ඩායමක් ලෙස වැඩකටයුතු සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්,ජේෂ්ඨ සහකාර ලේකම්වරුන්, පළාත් අධ්යක්ෂවරුන්, අධ්යක්ෂවරුන් හා රෝහල් අධ්යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.