මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කටුනායක කොළඹ අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිලිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බලමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ගෙන් මේ සඳහා පිළියමක් යොදන ලෙස විශේෂ ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව ගත හැකි ඉක්මන් පියවරක් ලෙස මෙම අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට අවශ්‍ය පියවර මහජන ආරක්ෂක අමාත්‍ය වරයා විසින් කඩිනමින් ගනු ලබන බව ප්‍රකාශ කලේ ය.
මෙම අධ්වේගයේ විදුලි රැහැන් කපාගෙන ගිය අවස්ථාවලදී එම හොරුන්ට දඬුවම් කර කොපමණ අලුත්වැඩියාවන් කළත් නැවත නැවත එය ම සිදු වි ඇති අතර රාත්‍රී කාලයේ සිදුවන මෙම හොරකම් නිසා මාර්ගය භාවිත කරන පිරිසට ජීවිත අවදානමක් සහිත බියජනක බවකින් ද පෙළෙන බව පෙනේ.
එයට ද මෙම යෝජිත රාත්‍රී මුර සංචාරක සේවය පිළියමක් වන බවත් මහාමාර්ග අමාත්‍යංශය විශ්වාසය පල කරයි. එමෙන් ම මෙම මාර්ගයේ සිදුවන රිය අනතුරුවලදී ද ඒවා කඩිනමින් ඉවත් කර අවශ්‍ය සහය ලබාදිමට එම බලකායේ සහය ලබාදීමට එකඟතාවය පල කර ඇත.