මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය
  • SocialShare:

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන ලෙස ව්‍යාජව සැකසු ඡායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්තීන් සම්බන්ධව

විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාද මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ද මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

එකී මෙහෙයුමට සම්බන්ද වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා දීම ‍ෙදහාත් මෙම මෙහෙයුමට සමබන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිළධාරීන්ට ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය ඵල කිරීම දහාත් කෙටි උත්සවයක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේදී පැවැත්වූ අතර එම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාත් පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාත් සහභාගී වන ලදී.

එහිදී මෙම මෙහෙයුමට සම්බන්ද වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිළධාරීන්ට හා ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන්ට සමරු ඵලක හා ත්‍යාග ප‍්‍රධානය කිරීම ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

නමුත් මෙම සිදු වීම සම්බන්දයෙන් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මෙන්ම ප‍්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. ඒ අනුව විශේෂයෙන්ම අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එම ව්‍යාජ ඡායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර සිටින අතර එකී ව්‍යාජ ඡායාරූප සකස් කොට පළ කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාදකරුවන් හා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සදහා විශේෂ මෙහෙයුම් වන විට ක‍්‍රියාත්මක වන අතර සත්‍යවූූත් නිවැරදි වූත් තොරතුරු පමණක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළ ප‍්‍රචාරණය කරන මෙන් සියලූම මාධ්‍ය ආයතනවලින් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

541475178 1340618401402686 5920839087269174048 n