කොළඹ ජාතික කෞතුකාගාරය විවෘතව තැබෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොළඹ ජාතික කෞතුකාගාරය විවෘතව තැබෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්
  • SocialShare:

2025 සැප්තැම්බර් 01 දින සිට ‍කොලඹ ජාතික ‍කෞතුකාගාරය  සහා ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය  සඳුදා දින මහජන ප්‍රදර්ශනය සදහා විවෘත  නොකරන බව ඡාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සතියේ අනෙකුත් සෑම දිනකම හා සති අන්තයේ පෙ.ව. 9.00 සිට ප.ව 6.00 දක්වා  කෞතුකාගාරය විවෘතව  පවතියි.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු දින දෙකක් කර දිනය හා වෙසක් පෝය දිනය යන දිනයන්හිද කෞතුකාගාරය විවෘත නොකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප.ව. 4.00 ට අවසන් වේ.

කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

PR Department of National Museum 1 2 page 0001

PR Department of National Museum 1 2 page 0002