LRC ඉඩමක් වංචනිකව බදු දීම සම්බන්ධ‍යෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්

LRC ඉඩමක් වංචනිකව බදු දීම සම්බන්ධ‍යෙන්  පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
  • SocialShare:

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76ක ඉඩමක් 2000 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා , හිරියාල ගොවි සමාගමට බදු දී , වසර 25ක් තිස්සේ එකදු බදු මුදලක් හෝ රජයට අය කර ගෙන නැතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ  මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ඉඩමෙන් රටේ ආර්ථිකයට හෝ රජයට කිසිදු දායකත්වය ලැබී නැති බවත්, රජයට අයවිය යුතු බදු මුදල් හෝ අයවී නැතැයිද පැවසීය.

මෙම ඉඩම නැවත රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත්, ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන බවද අමාත්‍යවරයා කීය.