බහුකාර්ය සේවකයන් 3500 කට වැඩි සංඛ්‍යාවක් ස්ථිර කර අලි වැට පවත්වාගෙන යාමට පියවර

බහුකාර්ය සේවකයන් 3500 කට වැඩි සංඛ්‍යාවක් ස්ථිර කර අලි වැට පවත්වාගෙන යාමට පියවර
  • SocialShare:

බහුකාර්ය සේවකයන් 3500 කට වැඩි සංඛ්‍යාවක් ස්ථිර කර අලි වැට පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවත් අලි මිනිස් ගැටුම විසඳීම සඳහා දැනට පවතින සුදුසුම ක්‍රියාමාර්ගයක් ලෙස අලිවැට පවත්වාගෙන යාම සිදු කරන බවත් පරිසර නියෝජ්‍ය ඇමැති ඇනටන් ජයකොඩි මහතා පැවසීය.

අද(19) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

2011 වසරේදී සිදු කළ අලි සංගණනයට අනුව අලින් 5879 ක් සිටින බවට අනුමාන කරන බවත් අලි ඝනත්වය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

අලි මිනිස් ගැටුම තුළදී සිදු වූ 2024 වර්ෂයේදී මිනිස් මරණ සඳහා රුපියල් මිලියන 139.5 ක වන්දි මුදලක් ද, දේපළ හානි සඳහා රුපියල් මිලියන 219.13 ක වන්දි මුදලක් ද ගෙවීමට පියවර ගෙන ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

2025 ජනවාරි 01 වැනිදා සිට නිවෙසක ගෘහ මූලිකයා මරණයට පත් වුවහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීමක් සිදු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.