මූල්‍ය විනයක් පවත්වා ගැනීම නිසා සාර්ථක අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අද(08) පාර්ලිමේන්තුවේදී
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ
මේ ආණ්ඩුවේ දෙවැනි අයවැය මෙය වෙනවා. 2025 වසරේ අප්‍රේල් මාසයේ අපේ පළමු අයවැය ඉදිරිපත් කළා. මූල්‍ය විනයක් ඇතිව රට පාලනය කිරීමේ සාර්ථකත්වය මේ අයවැයෙන් පෙන්නුම් කර තිබෙනවා. මාස හයක අයවැය තුළ අපි සියයට 50 ට වැඩි වියදමක් පෙන්නුම් කර තිබෙනවා. අපි ඉලක්කයකට ගමන්කර තිබෙනවා. මූල්‍ය විනයක් අපි පවත්වාගෙන යනවා. මේ සියල්ල අහඹු නොවෙයි. විශාල කැපවීමක් සමඟ දැක්මක් සහිත නායකත්වයක ප්‍රතිඵලයි. එකම නිලධාරී පිරිසක් ඉන්නවා. අපි පැමිණි පසුව අපේ පිරිස් පත්කර ගත්තේ නැහැ. හරි නායකත්වයක් තුළ හරි දැක්මක් තුළ සැලසුම් සහගතව වැඩකරගෙන යන්න රාජ්‍ය සේවයට පුළුවන්කම තිබෙනවා කියා අපි විශ්වාස කරනවා. . රාජ්‍ය සේවය තුළ ලැබිය තුළ අනෙකුත් වරප්‍රසාද, දීමනා වැඩිකරන්න මුදල් වෙන්කර තිබෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂමව, ජනතාවාදීව කටයුතු කළයුතු වෙනවා. මේ වසරේ ජනවාරිවලට වඩා අද වනවිට වර්ධනයක් තිබෙනවා. ඉදිරියේ දී තවත් වර්ධනයකට යන්න පුළුවන් වෙයි.


