වංචාව සහ දූෂණය අවසන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට හැකි වුණා. - අධීතරණ ඇමති

වංචාව සහ දූෂණය අවසන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට හැකි වුණා. - අධීතරණ ඇමති
  • SocialShare:

වංචාව සහ දූෂණය අවසන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට හැකි වී ඇතැයි  අධීතරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රජය සුළු කාලයේ දී විශාල ප්‍රගතියක් ලබා ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

2025 වසරේ දී සියයට 4.8 දක්වා ආර්ථික වර්ධනය ඉහළ ගොස් තිබෙනවා. විරැකියාව සියයට 3.8 දක්වා පහත වැටී තිබෙනවා. භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 8.5 සිට 9 ක් බවට පත්ව තිබෙනවා. විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ක් බවට පත්ව තිබෙනවා. සංචාරක ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 1.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වයට අපේ මූල්‍ය විනය හේතු වෙනවා. මේ ආණ්ඩුව මාස තුනෙන් වැටෙනවා කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපෙන් යනවා කිවුවා. නමුත් එවැනි තත්ත්වයක් නැහැ. ග්‍රාමීය දිළිඳුබව තුරන් කරන්න වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් තිබෙනවා. 2030 වනවිට ඩොලර් බිලියන 8 ක සංචාරක ආදායමක් අපේක්ෂා කරනවා.