විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට – ජාතික මෙහෙයුම” සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනිවර කියවීමේ අද(08) පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සියලු දෙනා එකාවන්ව එක් විය යුතු බවත්, ඒ සඳහා ජනපති ප්‍රධානත්වයෙන් රට පුරා කමිටු ස්ථාපිත කර ඇතැයිද කීය.
මෙම අයවැයට එරෙහිව ඉදිරිපත් වූ හරයාත්මක විවේචන් කිසිවක් නොමැති බවත් මහජන මුදල් අවභාවිතා නොකර රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වඩාත් සාධනීය අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූ බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
අනුරාධපුර සිද්ධිය අපි හොඳින් කළමනාකරණය කර තිබෙනවා. ඊට අපේ ආණ්ඩුවේ මැදිහත්වීමක් නැහැ. ඒ නිසා නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. අපි ආයතන ස්වාධීන කරලා ඒ තුළ නීතිය ක්‍රියාත්මක වෙනවා. අදාළ මන්ත්‍රීවරියගේ නිවෙස පවා පරීක්ෂා කර තිබෙනවා. ඊ - වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට විවේචනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවක් ලබාදී තිබෙනවා. ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය සම්බන්ධයෙන් කතා කළයුතු නැහැ. අපිට අවශ්‍ය තරම් ජනමතයක් තිබෙනවා. ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමැතිවරයා කොමිසන් සභාවකට රැගෙන ගියා. දඩුවම් දෙන්න උත්සාහ කළා. නමුත් එදා නීතිය නවන්න කටයුතු කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටින් වත්මන් ජනාධිපතිවරයා රට පාලනය කරනවා. පසුගිය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියා තිබෙනවා" යැයි පැවසීය.


