වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් රජය අඛණ්ඩව මැදිහත් වූ බවත් ඒ අනුව වතු කම්කරු දෛනික වැටුප වැඩිකළ බව ඇමති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද(08) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධනේ වතු හාම්පුතුන්ගේ සංගම් සහ හාම්පුතුන් සමඟ සාකච්ඡා පැවැත් වූ බවත් , ඒ අනුව 2026 ජනවාරි සිට රුපියල් 1550ක දෛනික වැටුපක් සමඟ රජයේ පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200 යෝජනා කර ඇතැයිද කීය.
දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන්නේ රුපියල් 1,350 කි. ඒ අනුව 2026 ජනවාරි මස සිට වැටුප රුපියල් 1,550 ක් දක්වා වැඩි කෙරේ. ඒ සඳහා රජය රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ආණ්ඩුව මෙම ගත් තීරණය ජනවාරි මුල සිට ක්‍රියාත්මක ක්‍රියාත්මක වන බවත්, දින 25 වැඩ කළොත් රුපියල් 10,000ක දිරි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


