ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභාවලට තුන්ගුණයක් මුදල්

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභාවලට තුන්ගුණයක් මුදල්
  • SocialShare:

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා පළාත් සභා 09ටම වෙනත් වසරවල මෙන්  තුන්ගුණයක් මුදල් මෙම වසරේ වෙන් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක  මහතා පැවසීය.

ලබන වසරේ මාර්ග සංවර්ධනය සඳහා මීට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ජාතික ජන බලවේගය ආණ්ඩුව පළාත්සභා දුර්වල කලා කියන ඉතා පහත් උවමනාවක්  ඇතැම් දේශපාලන පක්ෂවලට තිබෙනවා. අපි කෙතරම් සාධාරණව කටයුතු කරනවාද කියන එක උතුරු නැගෙනහිර සිටින සාධාරණ මන්ත්‍රීවරු දන්නවා. මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට  මම සහභාගීවුණා.කැතවිදියට ජාතිවාදී දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ.