ඖෂධශාලා සහ ඖෂධවේදීන්ගේ නිසි ප්‍රමිතිය නොමැති වීම නිසා ඔසුසැල්219ක බලපත් තාවකාලිකව අත්හිටුවීමට කටයුතුකළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසිිය
නිසි ප්‍රමිතියෙන් තොර ඔසුසැල් 137ක බලපත් තාවකාලිකව අත්හිටුවීමට කටයුතුකළ බවත් නියමිත ඖෂධවේදීන් නොමැතිවීම සහ මාර්ගෝපදේශ අනුගමනය නොකිරිම නිසා තවත් ඖෂධශාලා 82ක බලපත් අත්හිටුවා ඇතැයිද පැවසීය.
ඖෂධ ශාලා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා ඖෂධ ශාලා හිමියන් දැඩි කනස්සල්ලට ලක්ව ඇතැයි කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
නමුත් ඉල්ලුම්කළ ඔසුසැල් අතුරින් 90%කට බලපත් ලබා දී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2019 සිට 2023 දක්වා ඖෂධවේදීන් පසුගිය වසරවල ඖෂධවේදී විභාගය සමත් ප්‍රමාණය සාමාන්‍ය අගයක පවතින බවත් ආධුනික ඖෂධවේදින් පුහුණු කිරීම සඳහා ඉදිරියේදී වසරකට දෙවරක් ඖෂධවේදි විභාගය පැවැත්වීමට වෛද්‍ය සභාව තීරණය කර ඇතැයිද පැවසීය.


