පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලුම පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් වින්දියන්ට සාධාරණයක් ඉටුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(25) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද විවිධ  කොමිෂන් සභා මඟින් සිය රාජකාරිය, වගකීම නිසා ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඇති නිලධාරින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

 මේ වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ කටයුතු සහ නඩු කටයුතුසිදු වෙන බවද පැවසූ අමාත්‍යවරිය, එම කටයුතු අවසන් වී නීතිපතිවරයා විසින් ලබාදෙන නිර්දේශ මත වරදකරුවන් වන සියලුම පාර්ශවයන්ට දඩුවම් පැනවීමට කටයුතු කරන බවද පැවසුවාය.

පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාක්මක කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.