වැඩ තහනමකට ලක් වූ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව අගෝස්තු 5,6 සහ 7 තෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අගෝස්තු 8 වැනි සිකුරාදාට යෙදී ඇති නිකිණි පොහොය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.


